Menu
Menu
IMG-20231104-WA0058

බල්ලන් දිවිනසා ගැනීමේ පාලම හෙවත් OVERTOUN BRIDGE !

මරණයේ පාලම එසේත් නැතිනම් සුනඛයන් දිවිනසා ගැනීමේ පාලම යනුවෙන් හඳුන්වන අද්භූත ඕවර්ටවුන් පාලම පිහිටා තිබෙන්නේ ස්කොට්ලන්තයේ බටහිර ඩම්බර්ටන් අසල ඕවර්ටවුන් හවුස් දක්වා ප්‍රවේශ මාර්ගයේ ය. මෙහි නිර්මාණකරුවා වනුයේ භූ දර්ශන නිර්මාණ ශිල්පි H.E.Milner විසිනි.

මෙම පාලම ආශ්‍රිතව වර්ෂ 1950 ගණන් වල සිටම බල්ලන් පාලමෙන් වැටීම හා පැනීම සම්බන්ධ සිද්ධීන් රැසක් වාර්තා වී තිබේ.පාලමෙන් අඩි 50 ක් පමණ පහළට ඇති ගල් මතට වැටීමේදි ඇතිවන බරපතල තුවාල නිසා එහි යන බල්ලන් මරණයට පත්වේ . සුනඛ දිවිනසා ගැනීමෙ පාලම ලෙස නම ලැබිමට හේතුවද මෙයයි.

වර්ෂ 2004 දී Kenneth Meikle ඔහුගේ පවුලේ අය සමග ඇවිදිමින් සිටියදී ඔවුන්ගේ බල්ලා පාලමෙන් පැන ඇත.නමුත් මෙහිදී බල්ලාගේ දිවි ගලවාගත් අතර කම්පනය නිසා එම බල්ලා මරණයට පත්ව තිබේ.

2014 දී ඇලිස් ට්‍රෙවෝරෝ ඇගේ සුරතලා සමග පාලම අසල සිටියදි එම සුරතලා ද පාලමෙන් පැන තිබේ. එහිදි ඇය සදහන් කර ඇත්තේ ඇගේ සුනඛයාට එහි පනින්නට තරම් දෙයක් දුටු බවත් එය ඉතාමත් නරක අද්භූත අත්දැකීමක් බවත්‍ ය.2019 දි මෙම පාලම අසල නිවස වූ ඕවර්ටවුන් නිවසෙහි හිමිකරුවන් පවසා ඇත්තේ වසර 17 ක පමණ කාලයක් තුළ බල්ලන් ගණනාවක් කලබල වී පාලමෙන් වැටෙනු ඔවුහු දැක ඇති බවයි.

මෙලෙස අතිශය භයානක අයුරින් සුනඛයන් මරණයට පත්වීමට මෙම පාලම හේතු වන ආකාරය පිළිබදව සොයා බැලූ සුනඛ මනෝවිද්‍යාඥ ඩේවිඩ් සැන්ඩිස් මෙහි පවතින සුවඳ හා ශබ්ද පරික්ෂාවක් කරන ලදි.2006 දි ස්ටැන්සන් රෝලින්ස් නම් හැසිරීම් විද්‍යාඥයා පවසා තිබෙන්නෙ සුනඛයන් වර්ණ අන්තාවයකින් පෙළෙන බවයි.

මෙහි සිදුවූ දරුණු ම ඛේදවාචකය 1994 ඔක්තෝබර් මාසයේදි සිදුවිය.යක්ශයාගෙ අවතාරයක් යැයි විශ්වාස කළ සති දෙකක් වයසැති සිය පුත්‍රයාව මෙම පාලමෙන් විසී කළ පුද්ගලයෙකු පිළිබද කතා පුවතක් එම ප්‍රදේශයෙන් වාර්තා විය.කෙසේ නමුත් එම පුද්ගලයාද මෙම සිදුවිමෙන් පසු සිය දිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.

මේ පෘතුවිය මත සිදුවන අද්භූතජනක සිදුවීම් අතර ඕවර්ටවුන් පාලමෙ මෙම සංසිද්ධින් ඉතා ඉහළ ස්ථානයක් අත්පත් කරගන්නේ එහි පවතින ගුප්ත අදුර ස්වරූපයත් සමගය. අදුරු බලවේග අදුරු ආත්මයන් සැරිසරන නිසා මෙසේ විශාල වශයෙන් සත්‍ත්ව ජීවිත බිලිගන්නා බව ප්‍රදේශවාසින් විශ්වාස කරති.ලෝකයේ ඇති මිනිසුන් ආකර්ෂණය කරගන්නා අද්භූත රහස් සහිත ශාපලත් ස්ථාන රැසක් පවතින අතර සුනඛයන් දිවිනසාගන්නා පාලම හෙවත් ඕවර්ටවුන් පාලම ඉන් සුවිශේෂි ස්ථානයක් අත්පත් කරගනියි .

Article by : Sharada Rathnayake | Faculty of Arts

Design by : Sahan koralegedara | Faculty of Science

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

11
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
bahis siteleri
Guest
Jaylon Bashirian
Guest

I’m a fan of your unique writing voice.

trackback

බල්ලන් දිවිනසා ගැනීමේ පාලම හෙවත් OVERTOUN BRIDGE ! – perabeats

http://racom.rs/index.php/component/k2/item/1?start=20290

trackback

බල්ලන් දිවිනසා ගැනීමේ පාලම හෙවත් OVERTOUN BRIDGE ! – perabeats

http://hawthorneconstruction.com/contact-us/

trackback

බල්ලන් දිවිනසා ගැනීමේ පාලම හෙවත් OVERTOUN BRIDGE ! – perabeats

https://saltymatey.com/language/fr/video/vlog-07-des-iles-vierges-americaines-jusqua-st-martin/

trackback

බල්ලන් දිවිනසා ගැනීමේ පාලම හෙවත් OVERTOUN BRIDGE ! – perabeats

https://www.investingbeginners.com/sp-trying-to-snag-some-of-that-snazzy-meme-stock-energy-by-mining-twitter-589/

trackback

බල්ලන් දිවිනසා ගැනීමේ පාලම හෙවත් OVERTOUN BRIDGE ! – perabeats

https://aforen.com/2018/12/26/que-dautre-cest-qui-eculer-galeries-vous-maillotolympiquedemarseille/

trackback

බල්ලන් දිවිනසා ගැනීමේ පාලම හෙවත් OVERTOUN BRIDGE ! – perabeats

https://ssgnews.com/5-ways-to-pass-microsoft-az-700-exam-with-az-700-dumps-pdf/

trackback

බල්ලන් දිවිනසා ගැනීමේ පාලම හෙවත් OVERTOUN BRIDGE ! – perabeats

http://www.atcreatives.com/building-trust/

trackback

බල්ලන් දිවිනසා ගැනීමේ පාලම හෙවත් OVERTOUN BRIDGE ! – perabeats

http://www.modellismopiu.net/m gallerie/main.php?g2_itemId=652650