perabeats මාධ්‍ය කවය මගින් පවත්වනු ලැබූ “perabeats open day” ජූනි 29 වනදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ඉංජිනේරු පීඨ පරිශ්‍රයේදී පවත්වන ලදී. එහිදී spade media අායතනය හරහා ධනුෂ්ක අරවින්ද මහතා වැඩසටහනේ සම්පත් දායකයා ලෙස සම්බන්ධ විය. ඡායාරූපකරණය යනු කුමක්ද යන්න පිළිබඳ හැදෑරීමෙන් වැඩසටහන අාරම්භ වූ අතර ඒ සම්බන්ධව විධිමත් අවබාේධයක් සහභාගි වූවන්ට ලබා ගැනීමට අවස්ථාව ලැබුණි. පසුව ඡායාරූපකරණයෙහි මූලික කරුණු සහ ඒවා හැසිරවීම පිළිබඳ සුවිශේෂී දැනුම් සම්භාරයක්ද දේශණය තුලින් ලබා ගත හැකි විය.
ඡායාරූපකරණය ප්‍රායෝගික අධ්‍යාපනය හරහා ප්‍රගුණ කළ යුතු කුසලතාවක් හෙයින් දේශණ වැඩසටහනට සමගාමීව ප්‍රායෝගික ඡායාරූපකරණ වැඩසටහනක්ද එම පරිශ්‍රයේම සංවිධානය කර තිබුණි. එහිදී සහභාගි වූවන්ට කැමරාව හැසිරවීමට සහ තම ඡායාරූප වෘත්තීය මට්ටමේ ඡායාරූප සමඟ සසඳා තම අඩුපාඩු හඳුනා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණි.
ප්‍රායෝගික වැඩසටහනෙන් පසු නැවතත් දේශණ මාලාවක් තුළින් මෘදුකාංග භාවිතයෙන් ඡායාරූප සංස්කරණය පිළිබඳ අවබෝධයක් ලබා දුන් අතර එහිදී Lightroom, Photoshop වැනි මෘදුකාංග පාවිච්චි කෙරුණි.
මෙම වැඩසටහනට පනහක් පමණ පිරිසක් සහභාගි වූ අතර මූලික ඡායාරූපකරණයෙන් අාරම්භ කළ වැඩමුළුව අවසානයේදී මද අාලාේක තත්ව යටතේ ඡායාරූප ගැනීම වැනි තාක්ෂණික කරුණු පවා අධ්‍යයනය කෙරුණි. perabeats මාධ්‍ය කවය මගින් වාර්ෂිකව සංවිධානය කරන කරනු ලබන මෙම ඡායාරූපකරණ වැඩමුළුව මෙවර සංවිධානය කෙරුනේ එහි නවතම සංකල්පයක් වන perabeats Go හි ජූනි කණ්ඩායම විසිනි. මෙය perabeats Go මගින් සංවිධානය කළ ප්‍රථම වැඩසටහනයි.