Menu
Menu

Uncategorized

රෝග රැසකට අතවනන නිහඬ මාරයා….

නින්ද යනු අපගේ ජීවිතයට අත්‍යවශ්‍යම දෛනික අංගයක් යැයි කිවහොත් වරදක් නැත. සාමාන්‍ය වැඩිහිටි පුදගලයෙකු ඔහුගේ හෝ ඇයගේ ජීවිතයෙන් සියයට 36 ක් නිදාගන්නා බව දන්නවාද? විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් වශයෙන් ඔබ මෙන්ම මමද බොහෝමයක් අධ්‍යාපනික කටයුතු හෝ වෙනත් කටයුතු වෙනුවෙන් අපගේ නින්ද බොහෝ විට කැපකිරීමට යොමු වී සිටින්නෙමු. නමුත් මෙම නින්ද, අපගේ ශරීරයට මෙන්ම මනසටද කොතරම් වැදගත් වන්නේ …

රෝග රැසකට අතවනන නිහඬ මාරයා…. Read More »

-අසම්මත ප්‍රේමයක දැවටුණු සරාගී සෙවණැල්ල-

ස්ථිර රැකියාවක් රහිත කඩවසමි තරුණයකු වූ තායි-සුක් විදුලි අශ්වයකු සිහිගන්වන දැවැන්ත වූ තම මෝටර් සයිකලයේ ගමන් කරමින්, නගරයේ නිවෙස් වල ඉදිරිපස දොරෙහි යතුරු පුවරුවේ ආහාර ඇනවුම් කළහැකි දැන්වීමිපත් අලවයි. දිනක් ඔහු අලවා ගිය දැන්වීමිපත ඉවත් කර නොමැති නිවාසයක් අසල නතර වෙයි. එහිදී විවිධ උපක්‍ර‍ම භාවිතා කරමින් රහසේම දොර විවෘත කර ඇතුලුවන මෙි තරැණයා පළමුව නිවාසයේ …

-අසම්මත ප්‍රේමයක දැවටුණු සරාගී සෙවණැල්ල- Read More »

රංගවේදිනියනි.. ඔබට නිවන් සුව!

සත් සියක් රන් හුයෙන් ගොතන ලද සත් සියක් මල් දමින් ශ්‍රී ලාංකීය කලාවේ සොඳුරුතම මංපෙත් සුවඳවත් කළ රතු හැට්ටකාරියත් අවසන රඟහල අඬ අඳුරේම තබා ජීවන වේදිකාවෙන් නික්ම ගියාය.. ඒ අන් කවරකු හෝ නොව අනුලා බුලත්සිංහල නම් ශ්‍රේෂ්ඨ රංගවේදිනියයි. 1947 වසරේ සැප්තැම්බර් මස 21 වන දින ජන්ම ලාභය ලද අනුලා බුලත්සිංහල මහත්මිය  සිය නේත්‍රාකර්ෂණීය  රංගනයෙන්, නර්තනයෙන් …

රංගවේදිනියනි.. ඔබට නිවන් සුව! Read More »

මල නොපෙලා රොන් තැලෙන්නට ඉඩ නොහැර නිදහසේ පිපෙන්නට කරුණු කාරණා සැලැසූ නිශාවට උපහාර පුද කරමු..

“රැය රහසේ මල් පුබුදුවා දහවලට එහි කීර්තිය බාර දෙයි….” මහා ගත්කතුවර රබීන්ද්‍රනාත් තාගෝරයන් විසින් පවසන ලද ඒ රුවන් වැකිය දූෂිත සිත් භාෂිත වදනින් සුබාෂිත කරන ප්‍රභාෂිත ගුරු පරපුර උදෙසා මොනවට ගැලපෙන්නකි. පුරාතනයේ දිසාපාමොක් ඇදුරු පරපුරෙහි සිට ආගමික ශාස්තෲවරුන්ගෙන් පටන් අද දක්වා වූ සියලු ගුරු මවුපිය වරුන් වෙනුවෙන් එකී ප්‍රශංසාව හිමිවිය යුතුය. මෙවර ඔක්තෝම්බර් 5 සිට …

මල නොපෙලා රොන් තැලෙන්නට ඉඩ නොහැර නිදහසේ පිපෙන්නට කරුණු කාරණා සැලැසූ නිශාවට උපහාර පුද කරමු.. Read More »

“Sybil Nanda”, the illustrator of our magical childhood

The internationally acclaimed Sri Lankan children’s book writer and illustrator, Kala Keerthi Sybil Wettasinghe fondly known by generations of children as “Sybil Nanda” or “Adaraneeya Aththamma” breathed her last on 01 July 2020 leaving an irreplaceable void in the hearts of all Sri Lankans. During her illustrious career, which spanned over 7 decades, she has …

“Sybil Nanda”, the illustrator of our magical childhood Read More »

බොලිවුඩ් සිනමාව හැඩකළ දීප්තිමත් සිනහවක නික්මයාම.

Covid-19 වසංගතයේ බලපෑම් සමග තීරණාත්මක ලෙස ඇරඹි 2020 වසරේ තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් පසුගියදා බොලිවුඩය දෙසින් ඇසිණි. එනම් සුපිරි නළු සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයයි. බොලිවුඩය වර්ණවත් කළ මෙම තරුව පසුගිය ජූනි දාහතර (14) වනි දා මුම්බායි හි පිහිටි සිය නිවසේ දී සිය දිවි හානි කරගෙන තිබිණි. 1986 ජනවාරි 21 වන දින පැට්නා හිදී උපත ලද …

බොලිවුඩ් සිනමාව හැඩකළ දීප්තිමත් සිනහවක නික්මයාම. Read More »

පුංචි ලි‍ඳේ වතුරට නාඬන්න නංගියේ…

ගෙඩි සියයක් බිම හෙළුවත් අප්පච්චිට එක ගෙඩියයි // අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ පුංචි ලි‍ඳේ වතුරට නාඬන්න නංගියේ // ගස් හොළවා හමා ඇදෙන සුළඟ තවත් මුරණ්ඩු වෙයි හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ අප්පච්චී තුරු මුදුනේ ඉන්න වංගියේ ගෙඩි සියයක් බිම හෙළුවත්… පියෙන් පියට ඉහළට යන හැටි බලන්න බය හිතුනොත් පුංචි දෑස තදින් පියා …

පුංචි ලි‍ඳේ වතුරට නාඬන්න නංගියේ… Read More »

ලක්දිව නව ශිෂ්ටාචාරයකට මග පෑදූ පොසොන් උදාව….

ඒ අනුරාධපුර යුගයේ දෙවන පෑතිස් රජ සමයයි. පොසොන් මස පසළොස්වක පෝය දිනය තදාසන්න දිනවල දී ලක්දිව රජරට සැණකෙළි සිරි ඉසිලීය. උත්සව දිනවල දී විනෝදය පිණිස මුව දඩයමේ යන රජු, මුවෙකු පසුපස ලුහුබැඳ යන අවස්ථාවේදී මිස්සක පව්ව මත කසාවතින් දිලෙන මිහිදු මහා රහතන් වහන්සේ ඇතුලු පිරිස දිටීය. මෙම හමුවීම ලක් ඉතිහාසය නව මාවතකට යොමු කරවන්නට සමත් …

ලක්දිව නව ශිෂ්ටාචාරයකට මග පෑදූ පොසොන් උදාව…. Read More »

Dr. Asha De Vos, the first Sri Lankan to have her portrait hung at Oxford’s Lincoln College

In the world, there are many people who have become greatest by doing extraordinary and outstanding deeds. This is a story of such a great personality from our mother nation. “One of the key things that’s helped me keep pushing and working and taking on challenges is my ability to laugh at myself.” Are you …

Dr. Asha De Vos, the first Sri Lankan to have her portrait hung at Oxford’s Lincoln College Read More »

ඔබ, මෙලොව සිටිනා ලොකුම බොරුකාරිය කවුරුන්දැයි දන්නවාද? මේ ලිපිය එකී කාන්තාව පිළිබඳවයි…

සිතෙහි පවත්නා සියලු දුක් කම් කටොලු එක් පුළුල් සිනහවකින් වසා ගැන්මට තරම් ඇය කෛරාටිකය. දිනයෙහි වැඩ කටයුතු සියල්ල නිමා කොට හෙට දිනයට පිඹුරුපත් සකසන ඇය ඔබ පාඩම් කර අවසන් වන තුරු පුටුවක නිදිකිරා වැටෙන්නී, ඇඳට ගොස් වැතිර නිදන්නට කොතෙක් කීවද නිදිමත නැතැයි අසත්‍යයම පවසන්නීය. පෑ විසිහතරකට සැතපුම් දහස් ගණනක පියවර තබන්නී, රෑ වන විට තඩිස්සි …

ඔබ, මෙලොව සිටිනා ලොකුම බොරුකාරිය කවුරුන්දැයි දන්නවාද? මේ ලිපිය එකී කාන්තාව පිළිබඳවයි… Read More »