Menu
Menu
Loch ness

නෙස් විලෙහි රාක්ෂයා පුරාවෘත්තයක් පමණක්ද ?

 

Loch Ness යනු ඉන්වර්නස් සිට නිරිත දෙසින් ආසන්න වශයෙන් කිලෝමීටර 37 ක් දක්වා විහිදෙන ස්කොට්ලන්ත කඳුකරයේ විශාල මිරිදිය විලකි.නෙස් යන නාමය මෙයට ලැබී ඇත්තේ උතුරු කෙළවරේ සිට ගලා බසින නෙස් නම් ගංගාව නිසාය.මෙහි මතුපිට ප්‍රමාණයෙන් මෙය දෙවනි වන්නේ ලොමොන්ඩ් විලට පමණකි.ගැඹුරින් මෙය දෙවැනි වන්නේ Morar නම් විලට පමනි.එංගලන්තයේ සහ වේල්සයේ ඇති සියලුම විල් වලට වඩා වැඩි ප්‍රමාණයක් ජලය මෙහි අඩංගු වන අතර, උතුරේ ඉන්වර්නස් සිට දකුණේ විලියම් කොටුව දක්වා දිවෙන මහා ග්ලෙන් හි විශාලතම ජල කඳ මෙයයි.

චෙරි දූපත යනුවෙන් හදුන්වන කුඩා දූපතක් නෙස් විල් සතුව ඇත.මෙය මර්ඩොක්ගේ දූපත නමින්ද හැඳින්වේ.15 වන සියවසේදී මෙහි බලකොටුවක් තිබී ඇති අතර ගල් හා ඕක් ලී වලින් එය ඉදිකර ඇත. “අයිලියන් නන් කොන්” නම් දඩයම් බල්ලන්ගේ නිවහන වූ මෙය අයිලියන් මුයිරේච් දඩයම් ලැගුම්හලක් විය හැකි බවට විශ්වාස කරයි.

රාක්ෂයා හෙවත් “Nessie”යන අන්වර්ථ නාමයෙන් හදුන්වන විශාල සත්ත්වයෙකු මෙහි ජීවත් වන බවට මතවාද පවතියි.මොවුන් ස්කොට්ලන්තයේ සහ වෙනත් තැන්වල හදුන්වන විල් රාක්ෂයන් හා සමාන වේ. Ness විලෙහි උතුරු ප්‍රදේශයට වන්නට කපිතාන් මයික් ලින්ජ් නම් පුද්ගලයා ඔහුගේ සෝනාර් යන්ත්‍රයට ජලය තුල තුල ඇතිවන විශාල කැළඹීමක් හසුකර ගැනීමත් සමග Ness විලෙහි සිටින පුරාවෘත්තය ජීවියා නැතහොත් නෙසී පිළිබඳව ගවේෂණයේ යෙදිණි.ඒ අනුව කිමිදුම්කරුවන් මගින් මේ සත්ත්වයාව නිරීක්ෂණය කළ අතර එහිදී ඔවුන්ට වඩාත් පැහැදිලි වූයේ යම් අද්භූත සත්වයකු තම වාසභූමිය බවට Ness විල පත් කරගෙන ඇති බවයි. මෙම සත්ත්වයා “The Water Horse” චිත්‍රපටයේ එන සත්ත්වයාට සමාන ස්වරූපයක් ගන්නා බව සදහන් වේ.නෙසී නම් මේ සත්ත්වයා ස්කොට්ලන්ත වැසියන්ට ජාතික වස්තුවක් සේ ය.සියවස් ගණනාවක් තිස්සේ මේ සත්වයා පිළිබඳව ඔවුන් කතා කරන අතර Ness විලෙහි එවැනි සත්වයෙක් නොමැති බවට ද පිළිගැනීමට පවා ඔවුන් මැළි වෙයි.අදටත් සැඟවී වාසය කරන සත්වයන්ගේ ලයිස්තුවේ Ness විලේ රාක්ශයාට විශේෂ තැනක් හිමිවේ.මේ සත්වයා පිළිබඳව පළමු පුවත සඳහන් වන්නේ ක්‍රි.ව 565 දී ය. ඒ කතෝලික මිෂනාරිවරයෙකු වූ ශාන්ත කොලොම්බා Ness විලට පැමිණි අවස්ථාවේදී දිග බෙල්ලක් සහිත සත්වයෙකු පහරදීමට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී ඔහු යාඥා කොට මැඩ පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන් වේ.අදටත් විද්‍යාඥයන්ගේ මතය වන්නේ Ness විලෙහි නෙසී නම් සත්ත්වයෙකු ජීවත්වන බවයි.

Loch Ness විල සම්බන්ධව පුද්ගලයන් විවිධාකාරයේ පුදුමාකාර සිදුවීම් වාර්තා තබා ඇත.ජෝන් කෝබ් 1952 දී ඔහුගේ බෝට්ටුව කෲසේඩර් ලොච් හි මතුපිට පැහැදිලි කළ නොහැකි පිබිදීමක වැදීමෙන් ජල වේගය වැඩි වීම නිසා මිය ගියේය.ඒ ආසන්නයේම ග්ලනූර්ක්හාර්ට් හි ජනතාව විසින් ඔහු සිහිකිරීම පිණිස ස්මාරකයක් ඉදිකර ඇත.

මේ අනුව Loch Ness යනු අදටත් නොවිසඳුණු අභිරහස් වලින් යුක්ත සේම විවිධාකාරයේ පර්යේෂකයන් විසින් ගවේෂණයේ යෙදෙන අපූරු අභිරහස් වලින් යුක්ත තෝතැන්නකි.

Article by :Pevindya Rashmi | Faculty of Arts
Design by : Sahan Koralegedara | Faculty of Science

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of