මේ අභිරහස් ස්ථානය ගැන කතා කරන්න කලින් Stonehenge කියන ස්ථානයේ පින්තූර windows පරිගණකයන්හි පසුබිම් ඡායාරූපය ලෙස ඔබ දැක ඇති බවට සැකයක් නැත.එමෙන්ම රොබින්හූඩ් චිත්‍රපටය රූගත කිරීම් කටයුතු වලටත් මෙම ස්ථානය පාවිච්චි කරල ඇති බැවින් බොහෝ තොරතුරු දැන නොගත්තා වූවත් මෙහි ඡායාරූපයන් ඔබට බොහෝ සමීප බැව් සහතිකයි.
ස්ටෝන්හෙන්ජ් යනු ලොව ප්‍රකට බ්‍රිතාන්‍යයයේ තියෙන ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුත් ස්මාරකයකි.එය සරලවම කිවහොත් එංගලන්තයේ විල්ටෂයර් ප්‍රාන්තයේ සැලිස්බරි තැනිතලාවේ පිහිටලා තියෙන අභිරහස් වලින් පිරුණු ස්ථානයක් ලෙස හැදින්වේ.මෙය නිර්මාණය කිරීම ආරම්භ වී ඇත්තේ දැනට වසර හාරදහක් පන්දාහකට පෙර කාලයේ සිටයි. මේ නිර්මාණය අතීතයේ දී අවස්ථා තුනකින් කොටස් තුනකට නිර්මාණය කර ඇති බවට විශ්වාස කරන අතර මුල් කොටස ක්‍රිස්තු පූර්ව 3100 ට අයත් බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ.
එමෙන්ම මේ නිර්මාණය වටා වෘත්තාකාර දිය අගලක් ද පිහිටා තිබෙන අතර මෙවැනි නිර්මාණයක් නිර්මාණය කිරීමට හේතුව කුමක්දැයි විශාල අභිරහසකි. මේ ස්ථානය හා බැඳුණු විවිධාකාරයේ අභිරහස් කතා කිහිපයක් මෙන්ම විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද විවිධාකාර මතිමතාන්තර කිහිපයකුත් තිබේ.
මේ ස්ටෝන්හෙන්ජ් නිර්මාණය ගැන මුල්ම වරට ලිඛිතව ඉදිරිපත් කරල තියෙන පුරාවිද්‍යාඥයන්ගේ මතයට අනුව නම් මෙය ඇපලෝ දෙවියන් වෙනුවෙන් සෑදූ දේවස්ථානයක් ලෙස ඔවුන් විශ්වාස කරයි. පුරාවිද්‍යාඥයන් පවසන විදිහට මෙය පිහිටා තියෙන්නේ ලෝකඩ යුගයට අයත් සොහොන් බිමක නිසා මෙය පුරාතන රජවරුන්ට අයත් සොහොන් බිමක් ලෙසද තවකෙකු හඳුන්වනු ලැබේ.
ඒ වගේම සමහර පිරිස් මේ අපූර්ව නිර්මාණය ජේගන් දෙවියන් වෙනුවෙන් පුද පූජා කිරීමට සෑදූ දේවාලයක් ලෙසද විශ්වාස කරන අතර එසේම සමහර පිරිස් සුප්‍රකට ආතර් රජුගේ මායාකාරයා වන මර්ලින්ගේ නිර්මාණයක් යනුවෙන්ද මෙය දක්වයි. එක්තරා පුරාවිද්‍යාඥයන් පිරිසක් මේ ස්මාරකය හඳුන්වන්නේ ලොව පැරණිතම දින දර්ශනයක් ලෙසය.
මෙම අපූර්වතම නිර්මාණය ප්‍රධානතම ලක්ෂණය ලෙස දැවැන්ත ගල් කුළුණු පෙළක් කවාකාරව තැන්පත් කර තිබීම දැක්විය හැක.මේවා නව ශිලා යුගයට අයත් එනම් ක්‍රිස්තුපූර්ව 1500 -4500 ත් අතර කාලයට අයත් බව සැලකේ. මේ හා සම්බන්ධ තවත් විශේෂ කාරණාවක් වන්නේ මෙම ස්ටෝන්හෙන්ජ් නිර්මාණය සිදු කිරීමට යොදාගත් පාෂාණ වර්ගය තිබෙන්නේ මෙයට කිලෝමීටර් දෙසිය විසි පහකටත් එහා වේල්සය කියලා කියන ප්‍රදේශය වීමත්,මෙවැනි එක ගල් කුට්ටියක් ටොන් ගණනාවක බරින් යුක්ත වීමත්.එවැනි ටොන් ගණනකින් බර ගල් 80ක් පමණ මෙම නිර්මාණය සඳහා යොදාගෙන තිබේ. ඒ අතරින් මෙහි විශාලත්වයෙන් අඩුම ගලේ බර පමණක් ටොන් තුනක් හතරක් පමණ වන අතර විශාල ගල් අඩි 30 වගේ උසකින් යුතු වේ.එවැනි විශාල ගලක බර ටොන් 25ක් පමණය. එහෙයින් විද්‍යාඥයන් පුදුම වන කාරණාවක් ලෙස මෙවැනි විශාල ගල් මෙම ස්ථානයට අරගෙන ආවේ කොහොමද? මෙම නිර්මාණය සඳහා ඔවුන් යොදාගත් තාක්ෂණය කුමක්ද? යන්න දැක්විය හැක.
විද්‍යාඥයින්ට අනුව මෙය පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක් ලෙස හඳුන්වන අතර එයට හේතුව නම් මෙවැනි විශාල ගල් රැගෙන යාමට මිනිසුන්ට නොහැකි වීමයි. මෙම ස්ටෝන්හෙන්ජ් ආකෘතියට සමාන හැඩැති තැන් ලෝකයේ තවත් ප්‍රදේශ කිහිපයක ව්‍යාප්තව තිබේ.ඊශ්‍රායලයේ ද මේ වැනි සමාන ආකෘතියකින් ගල් පර්වත වලින් තැනූ නිර්මාණයක් තිබෙන අතර, එය Galgal Refaim (Wheel of Spirits) යනුවෙන් හඳුන්වයි. තවද බටහිර ඕස්ට්‍රේලියාවේ මෙන්ම ඇමරිකාවේ මිචිගන් විල පතුලේ ද මෙම ව්‍යුහය ට සමාන ආකෘතීන් පිහිටා තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙය විශාල නිරීක්ෂණාගාර කොටසක්, මෙන්ම මේ මගින් චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ පවා නිරීක්ෂණය කරන්න ට හැකියාවක් ඇති බවය. සූර්යයා කේන්ද්‍ර කර ගෙන ඉදි කර ඇති මෙහි එක් ගල් කුළකින් සූර්යයා සමකයෙන් ඈත්වන අවස්ථා හඳුනා ගන්නට ද හැකියාවක් ඇතැයි පැවසේ.ලෝකයේ මූලික තාක්ෂණය වත් සොයාගෙන නැති කාලයක මේ නිර්මාණය සිදුකරන්නට නම් අනිවාර්යෙන්ම පිටසක්වල ජීවීන් ගේ උදව් ලැබී ඇති බව පුරාවිද්‍යයාඥයන් සමහර දෙනෙකු විශ්වාස කරයි.
නූතන විද්‍යාඥයන් ගේ මතයට අනුව මෙය අතීතයේ පැවති දියුණු ශිෂ්ඨාචාරයක නිර්මාණයකි. එසේම ස්ටෝන්හෙන්ජ් වල කවාකාර හැඩය විශ්වයේ හැඩය නිරූපණය කරන බවද ඔවුහු විශ්වාස කරති. තවත් මතයකට අනුව ආදි කාලයේ තිබූ තාක්ෂණික වශයෙන් දියුණු ශිෂ්ටාචාරයක් විසින් සිදු කළ නිර්මාණයක් ලෙසද දක්වයි. එම ශිෂ්ටාචාරය තුළ අභ්‍යාවකාශ යානා, න්‍යෂ්ටික තාක්ෂණය වැනි දියුණු බරපතළ ගණයේ තාක්ෂණික නිර්මාණ තිබුණු බවට සඳහන් වේ. මෙවැනි දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බව අතීතයේ මිනිසුන් පිළි නොගත්තත් වර්තමානයේ එය සත්‍යක් බව මිනිසුන් පිළි ගනිමින් සිටින අතර එයට හේතුවක් ලෙස Edgar cayce යන විද්වතාගේ සොයාගැනීම් දැක්විය හැකිය. ඔහුට අනුව අපගේ ශිෂ්ටාචාරය වගේම දියුණු ශිෂ්ටාචාරයක් මීට වසර ගණනාවකට පෙර පැවත ඇති නමුත් එක දිගට සිදුවූ විනාශයන් කිහිපයක් නිසා මෙම ශිෂ්ටාචාරය විනාශ වී ගොස් තිබේ. ඔහුට අනුව මෙම විනාශ වූ ශිෂ්ටාචාරය athlanthic ශිෂ්ටාචාරය යි.පෙර මෙවැනි සුපිරි ශිෂ්ටාචාරයක් පැවැති බවට සනාථ කරන්නේ Edgar පමණක්ම නොවන අතර Nichola Tesla ගේ ද පරීක්ෂණයකට අනුව ඔහු ද එවැන්නක් තිබුනා යැයි සැක පළ කරන්නෙක්.
ඒ අනුව බැලූවිට ස්ටෝන්හෙන්ජ් නිර්මාණයත් එම සුපිරි ශිෂ්ටාචාරයේ ම කොටසක් ලෙස පිළිගන්න ට හැකියාවක් තිබේ. විශාල පිරමිඩ ශක්ති බලාගාර ලෙස කටයුතු කරන අතරතුරේදී ලොව පුරා තිබෙන ස්ටෝන්හෙන්ජ් වැනි ශෛලමය නිර්මාණ විශාල නිරීක්ෂණාගාර ය නැතහොත් පරිගණකයක කාර්‍යභාර්ය ඉටු කරන්නක් ලෙස ක්‍රියා කරන්නට ඇති බවයි වඩාම පිළිගත හැකි ආසන්නම හේතුව වන්නේ.
මේ වටා ඇති පුරාවිද්‍යාත්මක හෙලිදරව් වලින් පැවසෙන්නේ මේ ආශ්‍රිතව විශාල මිනිසුන් ප්‍රමාණයක් ජීවත් වූ බවත් සන්නිවේදන කටයුතු සිදු කිරීමටද මෙම නිර්මාණය යොදා ගත් බවත්ය. මෙවැනි සුපිරි ශිෂ්ටාචාරයක් මෙලෙස විනාශ වීමට හේතුව කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයකි.මෙවැනි පුරාණ ශිෂ්ඨාචාරයක් ගැන මත පළ කරන ඇතැමුන් පවසන්නේ නම් මෙම ශිෂ්ටාචාරය විනාශ වී ඇත්තේ අති විශාල මුහුද ගොඩ ගැලීමක් නිසා බවත්, තවත් පර්යේෂකයන් පවසන්නේ එම ශිෂ්ඨාචාරය විනාශ වන්නේ ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද සුපිරි අවියක් හේතුවෙන් බවත් ය.
පුරාවිද්‍යාඥයන් පවසන ආකාරයට මෙවැනි ව්‍යුහයක් නිර්මාණය කරන්නට නම් මිනිස් පැය මිලියන තිස් හතරක් වැයවේ.එනම් මිනිස්සු සියදෙනෙක් නිදි නොමැතිව අවුරුදු තිස් හතරක් එක දිගට වැඩ කරන ප්‍රමාණය මෙහි නිර්මාණය ට ගතවූ කාලයට සමාන වන බවයි. එයින්ද ඔප්පු වන්නේ මිනිසුන්ට පමණක් මෙය නිර්මාණය කරන්නට බැරි බවයි.
පසුකාලීනව පෞද්ගලික වත්කමක් ලෙස අයිති කරගෙන තිබූ මෙම වත්කමේ පුරාවිද්‍යාත්මක වටිනාකම තේරුම් ගෙන රජයට පවරා දීමට පෞද්ගලික හිමිකරුවන් තීරණය කළ අතර ඒ අනුව වර්ෂ 1950 වන විට එංගලන්ත රජය විසින් මෙහි කැණීම් කටයුතු ආරම්භ කළහ.ක්‍රමක්‍රමයෙන් ජාතික උරුමයක් ලෙසත් එන්ගලන්තයේ ස්මාරක ලැයිස්තුටත් එක්වූ ස්ටෝන්හෙන්ජ් යුනෙස්කෝව 1986දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබු අතර අද වන විට මෙම භූමියේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් මිලියන පනස් එකක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත. වර්තමානයේ මෙම ස්ථානය ලෝකය පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රධාන ස්ථානයක් බවට පත් වී තිබෙන බව අප සැම දන්නා කරුණකි.
මෙවැනි පුරාවිද්‍යාඥයන්ගේ මතිමතාන්තර, තර්ක, කැණීම් කටයුතු සියල්ල අවසානයේ දී වුවත් තවමත් නිශ්චිතවම මේ නිර්මාණය කළේ කොහොමද? මේ ස්ථානයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනාවෙ කොහොමද? මේ නිර්මාණය කිරීමට යොදාගත් තාක්ෂණය කුමක්ද? එකල මිනිසුන් හෝ පිටසක්වල ජීවීන් මේ අද්විතීය නිර්මාණය කුමක් උදෙසා නිර්මාණය කලාද ආදිය පැවසිය නොහැක.එබැවින් තවමත් ස්ටොන්හෙන්ජ් යනු අනාගතය ට සහ අතීතයට අයත් නොවිසිදුණ අභිරහසකි.
Article by : Sachini Premasiri | Faculty of Management
Design by : Sahan Koralegedara | Faculty of Science
Leave a Reply