Menu
Menu
SU3

“මෙතෙර කලාවේ එතෙර සලකුණු සොයා ගිය 28 වන මාගේ දේශය අවදි කරනු මැන ශිෂ්‍ය සාහිත්‍ය උළෙල”

“මෙතෙර කලාවේ එතෙර සලකුණු සොයා ගිය 28 වන මාගේ දේශය අවදි කරනු මැන ශිෂ්‍ය සාහිත්‍ය උළෙල”

දිනෙන් දින දලුලන සමාජ දේශපාලන මතවාදී අරගලය කලාවෙන් පෝෂණය කරනු වස් “මෙතෙර කලාවේ එතෙර සලකුණ” තේමාව කර ගත් 28වන මාගේ දේශය අවදිකරනු මැන ශිෂ්‍ය සාහිත්‍ය උළෙල අති සාර්ථකව මෙවරත් පවත්වන්නට යෙදුණේ සුවහසක් හදවත් තුල කලාකාමී සිතුවිලි අවදි කරමිනි.
පසුගිය ජූලි 21වනදා සමාරම්භය සනිටුහන් කල ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ ඔස්සේ මාස දෙකක් පුරාවටම නොයෙකුත් සාහිත්‍ය වැඩසටහන් තුලින් වියැකී යන සාම්ප්‍රදායික සාහිත්‍ය කලාවට පණපොවන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සාහිත්‍ය අනුකමිටුව ගත් උත්සාහය සැබැවින්ම ප්‍රශංසනීයය.පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පීඨ 9ක සහෝදරත්වයෙන් ශක්තිමත් වූ මෙම ශිෂ්‍ය සාහිත්‍ය උළෙල විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයන්ට පමණක් සීමානොවී සමස්ත ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවම කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වූවකි.
සාම්ප්‍රදායික නාට්‍ය කලාවෙන් රසකාමී හදවත් නහවාලන “වල සතිය” මෙවරත් සුපුරුදු පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය එදිරවීර සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨයේදී පැවැත්වුණි.එසේම කැඩපත සංවාදය,රගනළු ගී වැනි ගීතමය වැඩසටහන් ද ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව පවත්වනු ලැබීය.පීඨ නවයක සහෝදරත්වයේ වාග් සංග්‍රාමයෙන් උණුසුම් වූ “ශාන්ත බණ්ඩාර අනුස්මරණ අන්තර් පීඨ විවාද තරගාවලිය”ත් දිස්ත්‍රික් 18ක අතිදක්ෂ පාසල් කථිකයන් උරෙනුර ගැටුනු “පාසල් විවාද තරගාවලිය”ත් මෙවර ශිෂ්‍ය සාහිත්‍ය උළෙල තව තවත් උණුසුම් කරන්නට සමත් විය.එසේම විඩාබර සරසවි විහගුන් කලාවෙන් දැහැන්ගත කරමින් පැවති “විහගසර 2023” සරසවි විද්‍යාර්ථයන්ගේ අසමසම ගායන,වාදන,නර්තන හැකියාවලින් වර්ණවත් වූයේ මිලින වන සාහිත්‍ය කලාවේ නූතන පුනරාගමනය සනිටුහන් කරමිනි.එසේම “මාගේ දේශය අවදි කරනු මැන ” ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ දැවැන්තම පියවරක් වූ “වසන්තයේ අග 2023” සංගීත සුයාමය , පසුගිය 22 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරය වර්ණවත් කරන්නට වූයේ ප්‍රේක්ෂක දෙසවන් ලාංකීය ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ මදුර ස්වරයෙන් මුසපත් කරමිනි. මාස දෙකක් පුරාවට පැවති ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ නිමාවට මත්තෙන් පැවති “වසන්තයේ අග” සංගීතමය අත්දැකීම කිසිදු අයකිරීමකින් තොරව විඳ ගැනීමට ප්‍රේක්ෂකයන් හට අවස්ථාව උදාවීම විශේෂත්වයකි.
මෙලෙසින් සාහිත්‍යයට,කලාවට,ආදරයට ආදරය කරන මතුපරපුරක් උදෙසා නූතන මතවාද කලාවෙන් අතික්‍රමණයට මංපෙත් විවර කරමින් මෙතෙර කලාවේ එතෙර සලකුණ තැබූ “මාගේ දේශය අවදිකරනු මැන ” ශිෂ්‍ය සාහිත්‍ය උළෙල අද දින අති සාර්ථක ලෙස සමාප්තිය සනිටුහන් කරන්නට විය.

written by – Vinuri Abeygunawardane | Faculty of Agriculture

Designed by -Aditha Samarakoon | Faculty of Science

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

1
Leave a Reply

avatar
  Subscribe  
newest oldest
Notify of
Brian Hansen
Guest

Your wisdom enriches my life.