දෙස් විදෙස් ජනී ජනයාගේ ඇස් මවිතයට ලක්කොට භෞතික විද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ සුවිශේෂි පෙරළියක් සිදු කරමින් සුපිරි සන්නායක ගුණයක් ඇති පදාර්ථයක් සොයා ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වූ මහාචාර්යය රංග ඩයස් ප්‍රමුඛ කණ්ඩායම සමත් වී තිබේ. වසර 10 කට වැඩි කාලයක් සිදු කළ පර්යේෂණවලින් අනතුරුව සොයා ගන්නා ලද මෙම සන්නායක ද්‍රව්‍යය නයිට්‍රජන් මුසු කළ “ලුටිෂියම් හයිඩ්රයිට්” ලෙසින් නම් කොට ඇත. මෙය නිර්මාණය කර ඇත්තේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් හා ලුටෙෂියම් යන මූලද්‍රව්‍ය මුසු කරමිනි.
මෙම සන්නායක ද්‍රව්‍යයේ සුවිශේෂිතාවය නම් ශක්තියක් වැය නො කරමින් විදුලිය එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට හැකිවීමත්, චුම්භක ක්ෂේත්‍රයක් හරහා යැවීමේදී එය පාවෙමින්, ඝර්ෂණයකට ලක් නොවී ගමන් කිරීමෙන් ශක්තිය වැය නොවීමත් ය. විදුලි හානියකින් තොර අධිබල සම්ප්‍රේෂණය, ඝර්ෂණයකින් තොරව පොළොවට මඳක් ඉහළින් ගමන් කරන අධිවේගී දුම්රිය හා අඩු වියදම් MRI ස්කෑන් තාක්ෂණය සඳහා මෙය යොදා ගත හැකි ය. එපමණක් ම නොව වැඩි බැටරි ආලෝකයක් සහිත විදුලි වාහන, විද්‍යුත් ගුවන් යානා, දුරකතන ඇතුළු අප භාවිතා කරන උපකරණවල ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ගැනීමටත්, සුනිත්‍ය බලශක්තිය කාලගුණ වෙනසට පිළියමක් ලෙසත් වැදගත් වේ.
මේ පිළිබඳ ව තවදුරටත් අදහස් දැක්වූ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයයේ සහකාර මහාචාර්යය රංග ඩයස් මහතා සඳහන් කළේ,
” මම කිසිදිනක මේ ආකාරයේ වර්ණ වෙනස් කරනු ලබන අමුද්‍රව්‍යයක් දැකලා නෑ. එය පළමු ව නිල් පාට වර්ණයෙන් දිස් වෙනවා. පසුව එයට පීඩනයක් යෙදීමෙන් දීප්තිමත් රෝස පැහැයක් ගනු ලබන අතර එම පීඩනය තවදුරටත් වැඩි කිරීමෙන් දීප්තිමය රතු වර්ණයක් ගනු ලැබුවා. මම මගේ ශිෂ්‍යයන්ට විහිළුවක් කරමින් පැවසුවේ, අපි එය රෙඩ්මැටර් නැත්තම් රතු පදාර්ථය ලෙස හඳුන්වමු කියාලා. මන්ද ඒ තරමට එය ආකර්ෂණීය ය.”
මේ සුවිශේෂි කර්තව්‍යයේ මූලිකත්වය ගෙන කටයුතු කළ රංග ඩයස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්යය උපාධිය වොෂිංටන් සරසවියේ දී ලබාගෙන ඇත. පසුව එතුමා පශ්චාත් ආචාර්යය උපාධි ශිෂ්‍යත්වයක් ලැබ හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවල නිරතවීමෙන් අනතුරුව දැනට රොචෙස්ටර් සරසවියේ ආචාර්යයවරයකු ලෙස කටයුතු කරයි. එමෙන්ම එතුමා පීඩන භෞතික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් අත්පත් කර ගත් විද්‍යාඥයෙකි.
“සාර්ථකත්වය යනු වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයයි”
මේ නවමු සොයා ගැනීම ඔස්සේ ලද සාර්ථකත්වය මානව සංහතියේ මීළඟ යෝධ පිම්ම වනවාට නම් නො අනුමානයි.
Chalani wasalabandara
Faculty of Arts
Best nice post bro.