ආසියාකරයෙ සොඳුරු දේශගුණික ස්වාභාවයකට උරුමකම් කියන සුන්දර දිවයිනක් ලෙස ශ්‍රී ලාංකිය උද්භිද විද්‍යාංශයේ නව සොයාගැනීමක් පසුගිය දින ශාක ලොවට එකතු විය. වයඹ විශ්වවිද්‍යාලයීය ආචාර්ය උපාධි අපේක්ෂක ඉන්ද්‍රකීල මාදොල, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය උද්භිද අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල ඇතුළු පර්යේෂණ කණ්ඩායමකගේ මූලික මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සුවිශේෂී නව කෙටල විශේෂය හා එහි ප්‍රභේද දෙක හඳුන්වාදීමට සමත් වුණි.
මෙම නව විශේෂය Lagenandra Peradeniyae නමින් නම් වුණි. ඒත් සමඟම තවත් විශේෂ දෙකක් ඇතිබව පර්යේෂණ කණ්ඩායම විසින් සිය පත්‍රිකා වල ඉදිරිපත් කර ඇත.
ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි දකුණු ආසියාකරයෙ රටවල් වලින් හමුවෙන මෙම ශාක විශේෂය මිරිදිය ජලාශ්‍රිත පරිසර පද්ධතියන් ඇසුරු කරගනිමින් වැඩෙන සුන්දර ශාක විශේෂයකි.
ශාකයෙ පවතින අපූරු සුන්දරත්වය හේතුවෙන් බොහෝ මිනිස්සුන්ගෙ ග්‍රහණයට ඉක්මනින් හසුවීම නිසා ශාකය තර්ජනයකට ලක්වීමත් ශාකයේ වාසස්ථාන විනාශ වීමත් කණගාටුවට කරුණකි.
එසේම මෙම කෙටල විශේෂය ජලජ පරිසරවල පමණක් වැඩෙන බැවින් ජලය අත්‍යවශ්‍ය වීම ශාකයට පවතින තවත් දුර්වලතාවකි.
ලංකාවට ආවේණික මෙවැනි කෙටල විශේෂ තවත් 12ක් පමණ පවතින අතර මෙම නව සොයාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා සම්පූර්ණ කෙටල ශාක විශේෂ ගණන 20ක් වේ.
මෙම අපූර්ව ශාක අමුත්තා පිළිබඳ තවත් රසබර තොරතුරු රැසක් මෙවර beats JOURNAL 17 වන සංස්කරණය තුළින් නවසොයාගැනීම් තීරය රසවිඳින ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කිරීමට perabeats අප සූදානම්.
Article by: Thilini Prasadika | Faculty of Agriculture
Leave a Reply