Menu
Menu
India-will-Host-the-Next-Cricket-World-Cup-in-2023

සෑම එක්දින තරගාවලියකටම ලෝක කුසලාන වටිනාකමක් දෙන නවතම එක්දින තරගාවලි ආකෘතිය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් අයී.සී.සී ( ICC) ය මෙතෙක් කලක් පැවති ජාත්‍යන්තර එක්දින තරගාවලි ආකෘතිය හා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනිම ක්‍රමවේදයේ වෙනසක් මේ වසරේ සිට ඇතිකිරිමට තීරණය කර තිබෙයි. මේ අවධානය එය සම්බන්ධවයි.
මෙතෙක් කලක් ලෝක කුසලාන තරගාවලි සදහා භාවිතා කරනු ලැබුවේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණීගත කිරිම්, ටෙස්ට් තත්වය හා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනිමේ තරගාවලි වල දක්වන දක්ෂතා වැනි සාධක පමණී. ඒ අනුව 2015 දක්වා පැවති තරගාවලි වලදි එවකට ටෙස්ට් වරම් හිමි රටවල් 10 ට නිතරගයෙන් සුදුසුකම් හිමිවූ අතර තවත් කණ්ඩායම් 2,4,6 වශයෙන් අදාල තරගාවලියට සහභාගි කරගැන්නා ලදී. නියමිත කන්ඩායම් සංඛ්‍යාව අනුව ටෙස්ට් වරම් හිමිනොවු රටවල් අතරින් සුදුසුකම් ලබාගැනිමේ තරගාවලියක් හරහා ඉතිරි කණ්ඩායම් තෝරාගනු ලැබීය. ආසන්නම ලෝක කුසලාන එක්දින තරගාවලිය වූ 2019 ලෝක කුසලාන තරගාවලියේ දී ටෙස්ට් වරම් හිමි කණ්ඩායම් 8 ක් සෘජුව ලෝක ශ්‍රේණීගත කිරිම් අනුව සුදුසුකම් ලැබු අතර සුදුසුකම් ලබාගැනිමේ වටයකින් බටහිර ඉන්දිය කොදෙව් හා ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් සුදුසුකම් ලැබූහ. කෙසේ වෙතත් අයර්ලන්තය හා ඇෆ්ගනිස්තානය පූර්ණ සමාජිකත්වය ලබාගැනිම, ටෙස්ට් වරම් නොලැබූ අර්ධ සාමාජික රටවලට ලෝක කුසලාන සුදුසුකම් ලැබිම අසීරැවිම, එක්දින තරගවලට ප්‍රේක්ෂක ආකර්ශනය හා වටිනාකම තරගකාරීත්වය වැඩි කිරිමේ අදහසින් මෙම නව ආකෘතිය හදුන්වා දී ඇත.


ඒ අනුව මින් ඉදිරියට ICC ශ්‍රේණීගත කිරිම මත පදනම් වූ ලෝක කුසලාන සුදුසුකම් ලැබිම් ක්‍රමය අහෝසි වනු ඇත. මෙම නව තරගාවලි ආකෘතිය 2020-22 ICC ලෝක කුසලාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය (2020-22 ICC Cricket World Cup Super League) ලෙස නම් කර ඇති අතර එ සදහා ටෙස්ට් වරම් හිමි පූර්ණ සාමාජික රටවල් 12 එනම් ඔස්ට්‍රෙලියාව, නවසීලන්තය, එංගලන්තය, දකුනු අප්‍රිකාව, සිම්බාබ්වේ, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තයටත් 2015-17 ICC දෙවැනි කොටසේ ලෝක සුපර් ලීග් තරගාවලියේ (2015-17 ICC World Cricket League Division 2) ජයග්‍රහකයා වූ නෙදර්ලන්තය කණ්ඩායමත් සුදුසුකම් ලබා තිබෙයි.


ඒ අනුව සමස්ත කණ්ඩායම් 13 කට තරගාවලිය තුල ඉඩකඩ විවර වී ඇත. මෙහිදී එක් කණ්ඩායමක් තවත් කණ්ඩායම් 8 සමග තරග වැදීම අනිවාර්ය වෙයි. ඉන් තරගාවලි 4 ක් තම රට තුල ද ඉතිරි තරගාවලි 4 ප්‍රතිවාදි කණ්ඩායම සත්කාරකත්වය යුතුවද තරග වැදිය යුතුය. එහිදි තරග 3 ක් පැවැත්මවී අනිවාර්ය අතර තරග 3 කට වැඩි තරගාවලි වලදි ඉන් නිශ්චිත තරග 3 ක් තරගාවලිය ආරම්භ විමට ප්‍රථම ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අදාල තරග ලෙස නම් කල යුතුය. තරග ජයග්‍රහණයක් සදහා ලකුණු 10 ක් හිමිවන අතර ලකුනු සමවිම, ප්‍රතිඵලක් රහිත තරග හෝ අත් හැර දැමු තරගවලට කණ්ඩායමට ලකුණු 5 හිමිවෙයි. තරග පරාජයකට කිසිදු ලකුණක් හිමි නොවෙයි. මෙහිදි ශ්‍රි ලංකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, දකුනු අප්‍රිකාව හා සිම්බාබ්වේ සමග මෙරටදීත් බංග්ලාදේශය, එංගලන්තය, නවසීලන්තය හා බටහිර ඉන්දිය කොදෙව් සමග එම රටවලදීත් තරග වැදිමට නියමිතව තිබෙයි. තරගාවලිය අවසානයේ එනම් 2022 මාර්තු 22 වෙනි දිනට මෙම කණ්ඩායම් ශ්‍රේණීගත කිරිම් සටහන අනුව පලමු ස්ථාන 8 හිමි කණ්ඩායම් සෘජුව 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබන අතර සෙසු කණ්ඩායම් 5 ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනිම වටයකට සහභාගි වී ඉන් ප්‍රථම ස්ථාන 2 ලබාගන්නා කණ්ඩායම් ලෝක කුසලාන ට සුදුසුකම් ලබනු ඇති. මෙම තරග ආකෘතිය 2020 මාර්තු මාසයේ සිට ආරම්භ වීමට නියමිතව තිබුනත් කොරෝනා ‍වසංගත තත්වය නිසා එම තරගාවලි සියල්ල අතහැර දැමු අතර එ අනුව මෙම තරගාවලිය නිලවශයෙන් 2020 ජූලි 30 වෙනිදා එංගලන්ත-අයර්ලන්ත එක්දින තරග තුනකින් යුත් තරගාවලියෙන් ඇරඕමට නියමිතය. මෙන ආකෘතිය මීට පෙර කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනිම සදහාද යොදාගත් අතර මෙම නව ආකෘතියත් සමග සෑම කණ්ඩායමක් අතරම උද්‍යෝගිමත් හා ජවයකින් යුත් තරග ඉදිරියේ දැක ගත හැකිවනු ඇත.

අශාන් දිසානායක

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of