Menu
Menu
29537680-0-image-a-24_1591978428744

පාහියන්ගලෙන් මතුවූ වසර 48000ක මානව වංශකතාව

ශ්‍රී ලංකාව පුරාවිද්‍යාව අතින් මෙන්ම පුරාවිද්‍යාත්මක කැනීම් අතින් ද මහත් ප්‍රසිද්ධියක් උසුලන රටකි. මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනිම් අතර මං සලකුණක් සටහන් කරමින් නූතන මානවයාගේ ගමන්මග පිලිබද නවතම කරුණු රාශියක් මෙරටින් ලොවට දායද කිරිමට මෙරට හා විදේශ පුරාවිද්‍යා හා මානව ශාස්ත්‍ර අධ්‍යයන පර්යේෂකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සමත්ව තිබෙයි.

මෙම සුවිශේෂී සොයාගැනිම වන්නේ අප්‍රිකානු භූමියෙන් පිටත නූතන මානවයා එනම් හෝමෝ සේපියන්ස් මානවයා (Homo sapiens) විසින් ගල් ආයුධ භාවිතා කළ බවට මුල්ම සාක්ෂිය මෙරට කලුතර දිස්ත්‍රික්කයේ යටම්පිටිය පාහියන්ලෙන ආශ්‍රිතව සොයාගැනිමත් සමගයි. මෙම සොයාගැනිම පිලිබද විද්‍යාත්මක කරුණු රැසක් අඩංගු අත් පත්‍රිකාව පසුගිය ජුනි 12 වෙනි දින science advance ජාත්‍යන්තර ජර්නලයේ පල කළහ.

2007 වර්ෂයේ දී පාහියන්ලෙන ආශ්‍රිතව පර්යේෂණ අරඹන ලද මෙම කණ්ඩායමට ආචාර්ය උපාධි අපේක්ෂකයක් වූ වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.එම්. පත්මලාල්, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක මහාචාර්‍ය ශිරාල් දැරණියගල, ආචාර්ය නිමල් පෙරේරා මෙන්ම ජපානයේ මානව ඉතිහාසය ප්‍රතිනිර්මාණය සදහා වූ මැක්ස් ප්ලාන්ක් ආයතයේ ආචාර්‍ය නොයෙල් අමානෝ ( Dr. Noyel Amano), ආචාර්ය මිචෙල් ලැන්හ්ලි ( Dr. Mitchel Lanhily), මහාචාර්‍ය නිකොල් බොයිල්වින් (Prof. Nichole Boylvin), මහාචාර්‍ය මයිකල් පෙට්ට්‍රාලියා (Prof. Michael Petraliya) හා ඔස්ට්‍රේලියානු පර්යේෂකයක් වන ආචාර්ය ප්‍රැක්ට්‍ර්ක් රොබට්ස් ( Dr. Patric Roberts) මෙම කණ්ඩායමට අයත් විය.

දකුණු හා මධ්‍යම ආසියානු කලාපය ප්ලිටෝසීන අවධියේ මානව සංක්‍රමණ පිළිබද විශාල සාධක ප්‍රමාණයක් හදුනාගෙන ඇති අතර එයිනුත් පාහියන්ලෙන ප්‍රදේශය නූතන මානව වංශකතාව පිළිබද මහත් විශාල සාක්ෂි ප්‍රමාණයක් ලබාදෙන ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ කැනිම් ආශ්‍රිත මානව විද්‍යාත්මක සාක්ෂි 1980 පමණ කාලයේ සිට වාර්තා වන අතර මෙම අධ්‍යයනය සදහා එහි කණ්ඩායම් සාමාජිකයකු වන මහාචාර්‍ය ශිරාන් දැරණියගල මහතා මහත් සේවාවක් ඉටුකර ඇත.

මෙම පර්යේෂණයේදී ආදිකාලීන මානවයන් විසින් ආහාරයට ගත් අස්ථි විශාල ප්‍රමාණයක් සොයාගත් අතර එයට තලගොයන්, ලේනුන්, වදුරන් වැනි සතුන්ගේ අස්ථි අයත් වන අතර එවා ඔවුන්ගේ ආහාර සංස්කෘතිය පිලිබිඹු කරන සාධකද වෙයි.

පර්යේෂක ඔෂාන් වෙදගේ සදහන් කරන අන්දමට අප්‍රිකාවේ සිට මෙම කලාපයට විවිධ හේතු මත සංක්‍රමණය වූ ආදි මානවයා මෙම ප්‍රදේශය නිවර්තන තෙත් කලාපයේ ජීවන රටාවකට හුරුවී ඇති බවත් සතුන් දඩයම් කිරීමට ඔවුන්ටම ආවේණික ක්‍රමයක් භාවිතාකර ඇති බවත් සදහන් කරයි. එම ක්‍රමය වන්නේ ඈත සිට සතුන් දඩයම් කිරිමට ඊ හිසක් සහිත දුනු ඊතල නිපදවා ඇති බවත් එවා භාවිතා කර ඈත සිට විද සතුන් දඩයම් කිරිම සිදුකර ඇත. මෙය තහවුරු කර ඇත්තේ එම සතුන්ගේ අස්ථි වල පිපිරිම් ආදිය අධ්‍යනයෙන් හා එම ප්‍රදෙශයෙන් සොයාගත් ආයුධ අධ්‍යනයෙනි. මෙම ඊතල වල දෙපස ගල් පතුරු ඇති බවත් එමගින් එම සතුන්ට විදීමෙන් පසු ඔවුන්ගේ චලන නිසා සිදුවන කැපිම් හේතුවෙන් මරණය සිදුවන බව සදහන් වෙයි.

මෙම සොයාගැනිම වසර 34000-48000 කට අයත් අතර මෙම සොයාගැනිම දෙවැනි වන්නේ දකුනු අප්‍රිකාවෙන් සොයාගත් වසර 64000 පැරණි ආයුධ වලින් සතුන් දඩයම් කිරිමේ සාධක වලට පමණි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය පත්මලාල් මහතා සදහන් කරන ආකාරයට මෙම සොයාගැනිම මෙරට තුල මානවයාගේ අනුවර්තන, බුද්ධිය, කෙලින් සිටිමේ හැකියාව වඩාත් හොදින් පැහැදිලි කරන සාධක වන බවයි.

මෙම සොයාගැනිම් මෙරට මානව ඉතිහාසය අධ්‍යනය මෙන්ම ලෝකය තුල මානව සංක්‍රමණ පිළිබද අධ්‍යනය නවමගකට යොමු කිරිමට දායක වනු නොඅනුමාන ය.

සටහන- අෂාන් දිසානායක.

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of