Menu
Menu
(FILES) In this file photo taken on March 04, 2020 Picture taken on March 4, 2020 shows cleaners wearing a protective suit, as they sanitise the seats of the San Paolo stadium in Naples. - Hiring is surging and wages are rising in the United States as the year begins, but the coronavirus is poised to infect the economy and hamper President Donald Trump's re-election bid.
Wall Street has tumbled in recent days as the outbreak spread and undermined the view that the US economy is inoculated against the danger.
The White House has tried to downplay the impact, and Trump on march 6, 2020 even made the extraordinary claim that US businesses are benefitting from people staying in the country while predicting stocks would bounce back. (Photo by CIRO FUSCO / ANSA / AFP) / - Italy OUT

කොරෝනා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට ඇතිකල බලපෑම

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කොරෝනා හෙවත් COVID-19 වෛරසය බලපෑම් එල්ල කර ඇත්තේ එදිනදා ජිවිතය,  ආර්ථිකය , දේශපාලනයට පමණක් නොව, ජාත්‍යන්තර ක්‍රිඩා ඉසව් රාශියකටද එහි බලපෑම එල්ල වී ඇත.

කොරොනා රෝගය නිසා අවලංගු වූ ක්‍රිඩා ඉසව් අතරින් වැඩිම අවධානයට ලක්වුයේ 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළයි. මෙම වසරේ ජූලි 24 වෙනිදා ජපානයේ ටෝකියෝ නගරය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට නියමිතව තිබූ ඔලිම්පික් උලෙළ 2021 වසර දක්වා කල් තැබීමට පසුගියදා ජාත්‍යන්තර ඔලිම්පික් සම්මේලනය තිරණය කලහ. 1896 සිට වසර 124 කාල සීමාව තුල ඔලිම්පික් උලෙළ කල් තැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. කෙසේ වෙතත් 1916 ඔලිම්පික් උලෙළ පලවෙනි ලෝක යුද්ධය නිසාද , 1940,1944 ඔලිම්පික් උලෙළ දෙවැනි ලෝක යුද්ධය නිසාද අවලංගු කර ඇත.

ඔලිම්පික් පමනක් නොව අනෙක් ක්‍රිඩා ඉසව් බොහොමයකටද මෙම රෝගයේ බලපෑම එල්ල වී ඇත.

ලෝක දුනු විදිමේ ශුරතාවයේ අප්‍රෙල් 1-5 දක්වා තුර්කියේ අන්කාර නුවරත්, අප්‍රේල් මස 20 සිට 26 දක්වා ග්වතමාලාවෙත්, මැයි 4 සිට 10 දක්වා චීනයේ ෂැංහයි නුවරත් පැවැත්වීමට නියමිතව තිබු අදියර 3 ක් අවලංගු කර දැමීමට එහි සංවිධායකයන් තීරණය කර ඇත.

එමෙන්ම මලල ක්‍රිඩා අතරින් ප්‍රමුඛතම ඉසව්වක් වන ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රිඩා උලෙළ මාර්තු 13-15 අතර පැවැත්වීමට නියමිතව තිබු අතර එය අවලංගු කිරිමට එහි සංවිධායකයන් තීරණය කලහ. එමෙන්ම පෝලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක අර්ධ මැරතන් ශුරතාවලිය,පැරිස් හා රෝම අර්ධ මැරතන් තරගාවලි,නිවියෝර්ක් අර්ධ මැරතන් තරගාවලිය,මෙන්ම ලෝක ප්‍රසිද්ධ බොස්ටන්, ලන්ඩන් හා මැඩ්‍රිඩ් පූර්ණ මැරතන් තරගාවලිද අවාසනාවන්ත ලෙස අතහැර දැමීමට සිදුවිය.

එමෙන්ම ලෝක ප්‍රසිද්ධ ඩයමන්ඩ් ලීග් මලල ක්‍රිඩා උලෙළ හි දෝහා හා චීනයේ පවත්වන් අදියර දින නියමයක් නොමැතිවද, ෂැංහයි අදියර අගෝස්තු 13 දක්වාද කල්තැබීමට තීරණය කර ඇත.

සුප්‍රකට ෆෝමියුලා වන් මෝටර් රේසින් තරගාවලිවල මාර්තු හා අප්‍රේල් මාසවල පැවැත්වෙන ඕස්ට්‍රේලියා , බහරේන්,වියට්නාම හා චීන අදියර කල් තැබීමට තීරණය කර තිබෙයි.

එමෙන්ම සුප්‍රකට පැසිපන්දු තරගාවලි වන ඇමරිකානු NBA තරගාවලිය අත් හැර දැමු අතර ඕස්ට්‍රේලියානු NBL තරගාවලිය මාර්තු 13 සිට ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වූ නමුත් මාර්තු 17 වෙනිදා තරගාවලිය අත් හැර දැමීමට සංවිධායකයන් තීරණය කලහ. එමෙන්ම යුරෝපා කුසලාන තරගාවලියේද ඉතාලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරග කිහිපයක් නොපවත්වා තිබෙයි. චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා ඔලිම්පික් සුදුසුකම් ලැබිමේ තරග පෙබරවාරි 6 සිට 9 දක්වා සර්බියාවේදි පැවැත්වූහ.

තවද බොක්සින් ඉසව් අතරින් මාර්තු මස 3 වෙනිදා සිට 11 දක්වා චීනයේ වුහාන් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ඔලිම්පික් සුදුසුකම් ලැබිමේ වටය ජෝර්දානයේ අම්මාන් නුවර පැවැත්වූ අතර යූරෝපා හා ඇමරිකානු සුදුසුකම් ලැබිමේ තරග කල් දැමීමට සිදුවිය. රග්බි පිටියේ යුරෝපා සික්ස් නේෂන් තරගාවලියේ අයර්ලන්ත-ඉතාලි,ඉතාලි-එංගලන්ත,එංගලන්ත-ප්‍රංශ හා ප්‍රංශ -අයර්ලන්ත තරග දින නියමයක් නොමැතිව කල් දැමිමට එහි සංවිධායකයන් තිරණය කර තිබේ.එමෙන්ම හොං කොං හා සිංගප්පූරු සත් සාමාජික තරගාවලිද ලෝක ශූරතා සත් සාමාජික ලෝක කුසලාන තරගද අත්හිටුවීමට සිදුවිය.

පාපන්දු පිටියේ වඩාත් ආකර්ෂණීය ඉසව්වක් වන සිව් වසරකට වරක් පැවැත්වෙන වන යුරෝපා කුසලාන පාපන්දු තරගාවලිය මෙවර අත් හිටවු අතර, යුරෝපයේ ප්‍රමුඛ චැම්පියන්ස් ලීග් ක්‍රීඩා සමාජ තරග සියල්ලම පාහේ මේ වන විට තරග පැවැත්වීම නවත්වා තිබෙයි. ඒ අතර එංගලන්ත ප්‍රිමියර් තරගාවලිය ප්‍රමුඛ වෙයි.එමෙන්ම ආසියානු හා අප්‍රිකා කලාපවල ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගද තාවකාලිකව අත් හිටුවා ඇත.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ගත්කල මේ වසරේ පැවැත්වෙන ප්‍රධාන තරගාවලිය වන විස්සයි විස්ස ලෝක කුසලානය දැනට සැලසුම් කර ඇති පරිදි පවත්වන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලහ. එහෙත් මෙම කාල සිමාව තුල සියලුම තරග පාහේ අත්හැර දැමීමට සිදුව තිබේ. ඉන්දිය – දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය මෙන්ම නවසීලන්ත-ඕස්ට්‍රේලියානු පලමු එක්දින තරගය ප්‍රෙක්ෂකයන්ගෙන් තොරව පැවැත්වූ අතර සෙසු තරග ක්‍රීඩකයන්ගේ මානසික යහපැවැත්ම සලකා අත් හැර දැමීමට සිදුවිය. එමෙන්ම ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් ලෝක කුසලානය අදාල තරග දෙකකින් යුත් තරගද දින නියමයක් නොමැතිව වසා දැමීමට සිදුවිය. එමෙන්ම පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග අවසන් පූර්ව වටයට මත්තෙන් අවසන් කිරිමට සිදු විය. මාර්තු 28 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබු ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2008 වසරේ ආරම්භයෙන් පසු ප්‍රථම වතාවට පැවැත්වීම අවිනිශ්චිත තත්වයක පවතී.

ටෙනිස් පිටියේ ප්‍රංශ විවුර්ත තරගාවලිය සැප්තැම්බර් 20 දක්වා කල් තැබු අතර,මියාමි විවෘත තරගාවලිය,බාසිලෝනා විවෘත තරගාවලිය,මොන්ටිකාලොස් මාස්ටර් තරගාවලි කොරොනා රෝගයේ බලපෑමට ලක්වු ප්‍රමුඛ තරගාවලි වෙයි. එමෙන්ම වෙරල වොලිබෝල් ක්‍රිඩාබේ අප්‍රේල් 22 සිට චිනයෙ ආරම්භ විමට නියමිතව තිබු තරගාවලිය තාවකාලිකව කල්තැබූහ. මෙසේ ක්‍රීඩා පිටියටද බලපෑම් කල කොරෝනා තත්වය ඉතා ඉක්මනින් පහව යෑම අප සැමගේ බලාපොරොත්තුවයි.

Ashan Dissanayaka

Share this post

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on email
Share on print

Leave a Reply

avatar
  Subscribe  
Notify of