1891 දී ඇමරිකාවේ ආචාර්ය ජේම්ස් නෙයිස්මිත් විසින් ලොවට හඳුන්වා දී 1895 එංගලන්තයේදී මුලින්ම ක්‍රීඩාකළ, දැල්පන්දු හෙවත් නෙට්බෝල්, 1921 දී පමණ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබිණි. මුලින්ම මහනුවර උසස් බාලිකා හා හිල්වුඩ් බාලිකා පාසල්වලට හඳුන්වාදුන් මෙම ක්‍රීඩාව, 1956 වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ජාත්‍යන්තර තරගයකට මුහුණ දුන් කණ්ඩායමක් බිහි කරන්නට සමත් විය. 1972 වන විට මෙරට දැල්පන්දු සම්මේලනය පිහිටවන ලද අතර කෙසේ වුවද 1983 දී මෙය යළි විසිරුවා තිබේ. 1960 දී පොදු රාජ්‍ය මණ්ඩල රටවල් එක්වී පැවැත්වූ සමුළුවකට ද ශ්‍රී ලංකාව සම්බන්ධ වී තිබේ.
1964 වන විට ජාත්‍යන්තර ප්‍රමිතියේ දැල්පන්දු රීතිවලට අනුගත වීම සිදුවී ඇති අතර අද වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සය වතාවක් ආසියානු නෙට්බෝල් ශූරියන් වීමට තරම් සමත්කම් දක්වා තිබීම අභිමානයට කරුණකි. 1989, 1997, 2001, 2009, 2018 මෙන්ම 2022 වසරේදී ද ආසියානු නෙට්බෝල් ශූරියන් වූ ශ්‍රී ලාංකික කණ්ඩායම සිව් වතාවක් අනු ශූරියන් ද වීමට සමත් වී තිබේ.
2022 මෙවර ආසියානු ශූරතාවලියේදී ලකුණු 63-53 ක් ලෙස සනිටුහන් කරමින් ප්‍රබල, සත්කාරක සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලාංකික දියණිවරුන් ලත් ජයග්‍රහණය අතිශයින්ම අගය කළ යුතු ය. රටවල් 11 ක් සහභාගී වූ මෙම තරගාවලියෙන් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2023 වසරේදී පැවැත්වෙන ලෝක දැල්පන්දු කුසලානය වෙනුවෙන් තරග කිරීමට සුදුසුකම් ලබා ගත්තේ ය. විශේෂයෙන් ම කණ්ඩායම් නායිකා ගයාංජලී අමරවංශ ඇතුළු සියලු ම තරගකාරියන්ගේ දායකත්වය හා කැපවීම අගය කළ යුතුම ය.
මෙවන් විශිෂ්ට දස්කම් දක්වමින් රටේ නම ඉහළින් තබන මෙවන් කණ්ඩායම් සමස්ත ජාතියේම අවධානය හිමි විය යුතුම ය.
Article by: Melani Rajapaksha | Faculty of Arts
Leave a Reply