Today the world is developing rapidly in every section. Among that, information and communication technology is a crucial section. So from this article, we can know about something which turns a new page in the Information and communication section in Sri Lanka. That is the Hypro mobile smartphone, which is the first manufactured 4G smartphone in Sri Lanka.
Hypro mobile is assembled and manufactured by Hypro Holdings (Pvt) Ltd, a smartphone manufacturing company under the umbrella of Micro Electric International Group of Companies (Pvt) Ltd of Sri Lanka, and it is partnered by Lodule International Ltd of South Korea. They have signed a formal agreement to produce this hypro mobile in Sri Lanka. Micro Electric International Group of Companies (Pvt) Ltd is a leading, ISO-awarded company that produces electric equipment and phone accessories in Sri Lanka.
Hypro, the first mobile phone that is made in Sri Lanka, will be on the market by December 2021. Its price is about Rs.26000. It would use 4G technology and can be controlled in Sinhala, Tamil, and English three languages. It would be aimed at the local market as well as export to the South Asian, Southeast Asian, African, and other countries. In the first round, they are willing to export it to African countries instead of South Korea since the high competition in South Korea. The company would be aimed to export 60% of the total production. Lodule International will send the necessary machinery and knowledge to Sri Lanka. In the future, both companies would introduce 5G smartphones and other electronic items in Sri Lanka. The investment in this phone is about 900 million.
Hypro mobile phone is a better way to attract foreign exchange. It will change the mobile phone market and one day it will be a giant like Apple, Samsung, etc.
Himasha Dasanayake
Faculty of Science
ලෝකයෙහි පවතින සියලුම රටවල් පාහේ වර්තමානය වන විට ජංගම දුරකථන වලින් තොරව මොහොතක් සිටීමට නොහැකි තරමට ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇත. එයට හේතුව වනුයේ දිනෙන් දින තාක්ෂණික දියුණු වන විශ්ව ගම්මානයෙහි සාමාජිකයකු වීමට නම් භාවිතා කළ හැකි පහසුම උපකරණය එය වීමයි. ජංගම දුරකථනයක් යැයි කිවූ සැණින් අප සිහියට නැගෙන සන්නාම නාමයන් කිහිපයක් පවතී. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප භාවිතයට ගනු ලබන්නේද ලෝකය පුරා ප්‍රචලිත එවන් සන්නාම නාමයන් යටතේ නිශ්පාදිත දුරකථන වර්ගයන්ය.
ශ්‍රී ලාංකිකයන් ලෙස බොහෝ තාක්ෂණික අංගයන්හි දියුණුවක් ලැබූවද මෙතෙක් සියලු සුඛෝපභෝගී අංගයන් සහිත අප රටෙහිම නිශ්පාදිත දුරකථනයක හිමිකමක් අපට ලැබී නැත. ඒ අඩුව පිරවීමෙහි අරමුණින් Micro Electric International Group of companies(LTD.) SL එනම් දකුණු කොරියාවේ Lodule international LTDහි සහායක, සමූහයෙහි තවත් එක් ශාකාවක් වන hypro holding (PVT) LTD Sri lanka මඟින් නිශ්පාදිත Hypro mobile ජංගම දුරකථනය නිපදවා ඇත.
එහි විශේෂත්වය වන්නේ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සැකසුම් සිදු කර ඇති වීමත්, ශ්‍රී ලංකාවෙහි දැනට පවතින 4G ආවරණයන් ට ගැළපෙන අයුරින් 4G සැකසුම යටතේ නිෂ්පාදනය කර ඇති වීමත් ය. 2021 වසරෙහි දෙසැම්බර් මාසයෙහි රුපියල් 26 000ක් වන ලෙස වෙළඳ පොළට මුදා හරිනු ලැබූ මෙම දුරකතනය සෑදීමට අවැසි තාක්ෂණික දැනුම සහ යන්ත්‍රෝපකරණ Lodule international LTD මඟින් ලබාදී ඇත. එමෙන්ම මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙය ශ්‍රී ලාංකීය වෙළදපොල පමණක් ඉලක්ක කරගත් එකක් නොවීම ය. ඒ අනුව ප්‍රථමයෙන්ම අප්‍රිකානු රටවල වෙළදපොල වෙත නිකුත් කළ මේ දුරකථනය ආසියාතික අනෙකුත් රටවල් කරාද යුරෝපීය රටවල් කරාද ව්‍යාප්ත කිරීමට ආයතන ප්‍රධානීන් විසින් සැලසුම් කර ඇත. දුරකථන වෙළඳපොළ තුළ ඉමහත් තරඟයක් ඇති හෙයින් දැනට දකුණු කොරියාව වෙත අපනයන කිරීමක් සිදු නොකෙරේ.
ශ්‍රී ලංකාවේ දී නිශ්පාදිත මෙම ජංගම දුරකථනය මතු දිනෙක දැනට වෙළදපොලෙහි ඇති සියලු දුරකථන අභිභවා ආදායම් වාර්තා තබමින් අළෙවි වන දිනක් පිළිබඳ පෙරනිමිති පහළ වී ඇත. එමෙන්ම නුදුරේම අපට ජංගම දුරකථන මිලදී ගැනීමට විදෙස් වෙළඳපොළ සඳහා වැය කරනු ලබන මුදල රට තුළම ඉතුරු කර ගැනීමට මේ හරහා අවස්ථාව උදා වනු ඇත. එබැවින් මෙම දුරකථනය නිශ්පාදනය කිරීමෙහි ලා පුරෝගාමී වූ Micto electric හි සභාපති ධම්මික සමරවික්‍රම මහතාට අපගේ ස්තූතිය පිරිනැමිය යුතුම ය.
K.A.H තරූශා මදුමාලි
ශාස්ත්‍ර පීඨය
Leave a Reply